May 04, 2024

ෆේස් බුක් 'වගකීමෙන්' පරිහරණය කරන්න

ජනාධිපතිවරණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය ජාලයන් භාවිත කෙරෙන ආකාරය පිළිබඳව පළ වන අවධානය හමුවේ ෆේස් බුක් වෙබ් අඩවිය තහනම් කරන ලෙස කළ ඉදිරිපත් වූ යෝජනාවක් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ෆේස්බුක් පරිහරණය කිරීමේ දී වගකීමකින් යුතුව කටයුතු කරන මෙන් ඇෆ්ගනිතානයේ ජනාධිපති හමීඩ් කර්සායි තරුණයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහුගේ ප්‍රකාශකයෙක් පවසා ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

පසුගිය ජුනි 14 වන දා පැවති ජනාධිපතිවරණයේදී වංචා සිදු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිධුර අපේක්ෂක අෂ්රෆ් ගානි සහ අබ්දුල්ලා අබ්දුල්ලාගේ ආධාරකරුවෝ අන්තර්ජාලයේ වාග් සංග්‍රාමයක නිරත වී ඇත.

මෙවැනි ක්‍රියා හේතුවෙන් සමාජය තුල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බවට කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය අනතුරු අඟවා ඇත.

Rate this item
(0 votes)