May 04, 2024

තෙල් ලොරි හාරසීයකට ගිනි තබයි

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ දී හාරසීයකට ආසන්න ඛනිජ තෙල් ලොරිවලට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඇෆ්ඝනිස්තාන් පොලිසිය පවසා ඇත්තේ ලොරි ගාලක නතර කර තිබූ තෙල් ප්‍රවාහනය කෙරෙන රථවලට පසුගිය සිකුරාදා ගිනි තබා ඇති බවයි.

මුළු රාත්‍රිය පුරාම තෙල් ලොරි ගිනි ගනිමින් තිබුණ බව ඇෆ්ඝන් වාර්තාවන්හි දැක්වෙන බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

නිල ඇඳුමින් සැරසුණ තුවක්කුකරුවන් කණ්ඩායමක් ලොරි වලට ගිනි තබන ලද අතර ඒ සමඟ ලොරි පණගන්වමින් පළා යාමට තැත් කළ රියදුරන්ට තුවක්කුකරුවන් විසින් වෙඩි තබන ලද බව සිද්ධිය දුටුවන් පවසා තිබේ.

Rate this item
(0 votes)