May 04, 2024

ඉරාකයේ අතරමං ව සිටි ඉන්දීය හෙදියන් පිරිසක් මුදා ගනී

ඉරාකයේ කුර්දි ජන කොටස වෙසෙන ගැටුම් සහිත ප‍්‍රදේශයේ අතරමං වී සිටි ඉන්දීය හෙදියන් පිරිස මේ වනවිට ඉන් මුදාගෙන යළි ඉන්දියාවට රැගෙන විත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙදියන් 46 දෙනෙකු මෙලෙස මුදා නෙ ඇති අතර ඔවුන් කුර්දිස්ථාන් ප‍්‍රදේශයේ සිට විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවරට රැගෙනවිත් තිබේ.

ගුවන් යානය මුම්බායි නුවරට ළඟා වී ඇත්තේ අද (05) අළුයමයි. හෙදියන් 46 දෙනාට අමතර ව ගැටුම් හේතුවෙන් ඉරාකයේ අතරමං ව සිටි තවත් ඉන්දියානුවන් 100 දෙනෙකු පමණ රැගෙන එනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වර්තා කරයි.

Rate this item
(0 votes)