May 04, 2024

ජර්මනිය පිළිබඳ ඔත්තු බැලූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජර්මනිය පිළිබඳ ඔත්තු බැලූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමත් සමග ජර්මනිය සිය අමෙරිකානු තානාපතිවරයා කැඳවා විමසීමක් සිදුකර තිබේ. 

ජර්මානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ලවීමත් සමගිණි. 

අමෙරිකාවේ ඔත්තු බැලීමේ වැඩසටහන පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග ජර්මනිය සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා දැනටමත් පළුදු වී අවසන් ය.

එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කළ තොරතුරුවලට අනුව පසු ව සොයා ගැනුණේ අමෙරිකාව, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ දුරකතන සංවාදවලට පවා ඇහුම්කන් දී ඇති බවයි.

Rate this item
(0 votes)