May 03, 2024

ජගත් පාපන්දු තරගයේ 'පාලම බිම' 

බ්‍රසීලයේ ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන නගරයක අලුතින් ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් පාලම යටින් දිවෙන මාර්ගයේ ධාවනය වූ රථවාහන කිහිපයක් යට වී තිබේ.

මෙම පාලම කඩා වැටීමෙන් ඊට යට වූ මගී ප්‍රවාහන බස් රථයක රියැදුරෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත් ව ඇති අතර අනතුරින් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇත.

බෙලෝ හොරිසොන්ටේ (Belo Horizonte) නගරයේ දී ඊයේ (03) පස්වරුවේ මෙම අනතුරු සිදු වී ඇත.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ම ඉදිකළ මෙම පාලම එම නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පාපන්දු තරග පැවති මිනෙරාඕ ක්‍රීඩාංගණය (Mineirao Stadium) දක්වා රථවාහන ධාවනය කරවීම සඳහා සකසන ලද්දකි.

Rate this item
(0 votes)