May 04, 2024

මෝදි කාශ්මීරයට

නව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (04) ජම්මු - කාශ්මීරයේ සංචාරයක නිරතවන බව වාර්තා වේ.

ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එක ම ප‍්‍රාන්තය කාශ්මීරය වේ.

ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි දැඩි ස්ථාවරයක සිටින නරේන්ද්‍ර මෝදිට කාශ්මීරයෙන් දැඩි ප‍්‍රතිරෝධයක් එල්ලවීම අපේක්ෂා කළ හැකි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෝදිගේ සංචාරයට පෙර කාශ්මීරයේ කඩ සාප්පු සහ සෙසු ආයතන අද (04) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්ව දේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 July 2014 11:32