May 04, 2024

පිරිමි 10,000 ක් සමග සිටි 'ගණිකාව' සහකරුවෙක් සොයයි 

පිරිමි 10,091 ක් සමග යහන්ගත වූ ඕස්ට්‍රේලියානු ජාතික සුපිරි ගණිකාවක්වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තා වේ.

ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක් ද එළිදක්වා ඇති ඇය මේ වනවිට 36වන වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි.

වයස අවුරුදු 18 දී තමන් සමූහ දුෂණයකට ලක් වූ බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිණියක් ලෙස ජීවිතය ඇරඹූ බවත් මුල් දිනයේ ම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බවත් ග්වෙන්ත් පවසයි.

එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ හේතුවෙන් වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට අධිෂ්ඨාන කර කර ගත් බවත් සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය ලෙස අවුරුදු 21 බවත් එම කාලයේ දී පැයකට ඩොලර් 1000 ක් තමන් හා යහන්ගත වූ පුද්ලයෙකුගෙන් අය කළ බවත් ඇය ප්‍රකාශ කරයි.

යහන්ගතවීමට පැමිණි පුද්ලයින්ගෙන් 90% ක් ම විවාහකයින් බවත් ඔවුන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් නොකර පිරිමින්ට ආශ්වාදයක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඇය පෙන්වා දේ.

මෑතක සිදු වූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමග ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.

ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීප ව ඇසුරු කළ තමන් මේ වනවිට වකගුඩු ආබාධයකින් පෙළෙන බවත් එසේ වුව ද ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන බවත් සිය ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවත් පැවසී ය.

Rate this item
(2 votes)