May 04, 2024

අමෙරිකාවේ නිදහස් දිනය දවසේ සුළි සුළං

අමෙරිකානු නිදහස් දිනය අදට (04) යෙදී ඇති අතර නිදහස් දිනය අභියස අමෙරිකාවට ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් ළඟාවෙමින් පවතින බව වර්තා වේ.

'ආතර්' ලෙස නම් කෙරුණු මෙම සුළි සුළඟ අමෙරිකාවේ උතුරු කැරොලයිනා ප‍්‍රදේශයෙන් අද (04) ඇතුළුවනු ඇතැයි අපේක්ෂිතයි. 

දැනට පැයට කිලෝමීටර් 115ක වේගයක් සහිත මෙම සුළි සුළඟින් වෙරළාසන්න ප‍්‍රදේශවලට අනතුරුදායක තත්ත්වයක් පවතින බව සඳහන් ය. 

මේ හේතුවෙන් උතුරු කැරොලයිනා වෙරළ තීරයේ විවේකය ගත කරන්නන්ට ප‍්‍රාන්ත පරිපාලනය විසින් අවදානම් නියෝගයක් නිකුත් කර තිබේ.

Rate this item
(0 votes)