May 18, 2024

නයිජීරියාවට තවත් බොකෝ හරාම් ප්‍රහාරයක්.

නයිජීරියානු අගනගරය වන අබූජා හි ජනාකීර්ණ වෙළෙඳ ප්‍රදේශක සිදුවූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

අගනගයේ වූසේ ප්‍රදේශයේ වඩාත් ප්‍රකට බානෙක්ස් ප්ලාසා වෙළෙඳ සංකීර්ණය තුළ මෙම දැවැන්ත පිපිරීම සිදුව ඇති අතර පිපිරුම් හඬ සැතපුම් ගණනක් දුරට විහිදී ගිය බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

මෙම පිපිරීමට හේතුව තවම නිශ්චිතව හඳුනාගෙන නැතත් මෙහි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ඉඟි පවතින බව පොලීසිය නිවේදනය කර තිබේ.

නයිජීරියාව තුළ ප්‍රචණ්ඩක්‍රියා වපුරමින් සිටින බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් එරට උතුරුදිග ප්‍රදේශ රැසක් ඉලක්ක කරමින් මීට පෙර මෙවැනි ප්‍රහාර එල්ල කර තිබීමද මෙම සැකය වඩාත් ඉස්මතු කරවන බවයි එරට තොරතුරු පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)