May 20, 2024

පාකිස්තානයේ වසිරිස්ථාන් ප‍්‍රාන්තයේ ජනතාව අවතැන්

පාකිස්තාන රජය තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂයක් පමණ පාකිස්තානයේ - උතුරු වසිරිස්ථාන් ප‍්‍රාන්තයේ අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළට තලෙයිබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමත් සමග ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස තලෙයිබාන් සටන්කාමීන් බහුලව රැදී සිටින උතුරු වසිරිස්ථාන් ප‍්‍රාන්තයේ මෙහෙයුමක් ආරම්භ කිරීමට පාකිස්තාන රජය තීරණය කරන ලදි.

Rate this item
(0 votes)