May 20, 2024

පැහැර ගත් ඉන්දියානුවන් ගැන තොරතුරක්

පැහැර ගත් ඉන්දියානුවන් 40දෙනා රඳවා තබා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ඉරාක රජය විසින් ඉන්දියානු රජයට ලබා දී ඇති බව වාර්තා වේ.

ඉරාකයේ ගැටුම් පවතින පෙදෙස් වල 1020ක් ඉන්දියානුවන් සිටින බවත් ඉන් 40 දෙනෙකු පන්ජාබ් ජාතිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් කේරළ වැසියන් බවත් ඉන්දියාවේ විදෙස් ඇමතිනිය සුෂ්මා ස්වරාජ් පවසයි.

ඉරාකයේ ගැටුම් වලට මැදිව සිටින ඉන්දීය වැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමට රජය හැකි සියලු පියවර ගන්නා බව ඉන්දියාවේ විදෙස් ඇමතිනිය පවසා ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

විපතට පත් ව ඇති ඉරාකයේ සිරවී සිටින ඉන්දියානුවන්ගේ පවුල් වල සාමාජිකයන් හමු වූ ඇය කියා සිටියේ රජය කෙරේ විශ්වාසය තබා ගන්නා ලෙසයි.

ඔවුන්ට අලුත් ගමන් බලපත්‍ර ලබා දීමටත් ඉරාකයේ සිට ඉන්දියාවට නැවත පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා දීමටත් ඉන්දීය රජය කටයුතු කිරීමට සුදානම් බව විදෙස් ඇමතිනිය සඳහන් කර ඇත.

Rate this item
(0 votes)