May 20, 2024

මධ්‍යම රුසියාවේ හමුදා සීරුවෙන්

ප්‍රහාරයක් සඳහා මධ්‍යම රුසියාවේ හමුදා පූර්ණ සීරුවෙන් තබන මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කරන ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

එහෙත් එම නියෝගය යුක්රේන් දේශ සීමාව ආසන්නයේ හමුදාවන්ට බල නොපැවැත්වෙන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

යුද සූදානම පිරික්සුමක් වශයෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාස කීපය ඇතුළත කීප වතාවක් ම එවැනි නියෝග නිකුත් කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන බවට අනතුරු අඟවනු ලැබීමෙන් දවසකට පසු මෙවර එම නියෝගය නිකුත් කර ඇත.

නැගෙනහිර යුක්රේනයේ ගැටුම්කාරී තත්වය සමනය කිරීමට පියවර නොගත්තොත් තවත් සම්බාධක පනවන බව අමෙරිකානු අනතුරු ඇඟවීමෙන් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)