May 20, 2024

අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් 

යුක්රේන දේශසීමාව හරහා රුසියානු හමුදා ඇතුළුවීම පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු යුද ටැංකි එලෙස යුක්රේන භූමියට ඇතුළු වූ බව තහවුරු කිරීමේ චන්ද්‍රිකා ඡායාරූප ද පෙන්ටගනය මගින් නිකුත් කර ඇත.

කෙසේ වුව ද යුක්රේන ජනපති පෙට්රෝ පොරෂෙන්කෝ මේ වනවිට ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඒ නැගෙනහිර යුක්රේනයේ රුසියානු කැරළිකරුවන්ට එරෙහි ප‍්‍රහාරවලට විරාමයක් තබමිණි.  

Rate this item
(0 votes)