May 20, 2024

ගවේෂකයා දින 12 ක් ගුහාව ඇතුළේ 

ජර්මනියේ ගුහාවක දින 12 ක් සිර වී සිටි ගවේෂකයෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොහාන් වෙස්තසර් නමැති 52 හැවිරිදි ගුහා ග‍වේෂකයා සිය පර්යේෂණ කටයුතු අතරතුර තුවාල ලැබුවේ ඉකුත් 08 වැනි දා ය.

ඇද වැටීමෙන් හිසෙහි ඇති වූ තුවාල හේතුවෙන් යළි පොලොව මතුපිටට පැමිණීමට නොහැකි වූ ඔහු ගුහා පතුළ තුළ කොටු වී තිබේ.

තුවාල ලැබු ජොහාන්ට ඇවිදීමට නොහැකිවීම හේතුවෙන් ඔහු මුදා ගැනීමේ මෙහෙයුම ඉතා දුෂ්කර විය.

කෙ‍සේ වුව ද පුද්ගලයින් 70 කගෙන් යුත් සහන ‍කණ්ඩායමක් ජොහාන් වෙස්තසර් මුදාගෙන තිබේ.

ජර්මනියේ, ඔස්ට්‍රියා දේශ සීමාවේ පිහිටි මිටර් 1148 ගැඹුරු පටු ගුහාවකට ජොහාන් ගොස් ති‍බුණේ ගුහා නිර්මාණයවීම පිළිබඳ වැදගත් කරුණු රැසක් සොයා ගැනීමේ අරමුණෙන් ය.

Rate this item
(0 votes)