May 20, 2024

ඉරාකයේ ප‍්‍රධාන නගරවල බලය සඳහා දරුණු ගැටුම් 

සුන්නි මුස්ලිම් කැරළිකරුවන් බැග්ඩෑඩ් කරා ගමන් කරන විට ඉරාකයේ ප‍්‍රධාන නගරවල බලය සඳහා දරුණු ගැටුම් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් උතුරුදිග ඉරාකයේ බායිජි තෙල් පිරිපහදුව සහ තල් - අෆාර් ගුවන්තොටුපොළ සඳහා ඉරාක ආරක්ෂක අංශ සහ කැරළිකරුවන් අතර දරුණු ගැටුමක් ඇති වී තිබේ. 

තමන් දැනටමත් ගුවන්තොටුපොළේ බලය තහවුරු කර ගත් බව සුන්නි මුස්ලිම් කැරළිකරුවන් පවසයි.

ඉරාකයේ විශාලත ම තෙල් පිරිපහදුව වන බායිජි පිරිපහදුව මේ වනවිට කැරළිකරුවන් විසින් වට කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක ආරක්ෂක හමුදාවලට සහායවීම සඳහා අමෙරිකානු යුද උපදේශකයන් 300 දෙනෙකු එවන බවට ජනාධිපති බැරක් ඔබාමා පොරොන්දු වුව ද ගොඩබිම් හමුදා යළි එවීමේ අදහසක් නොමැති බව ඔහු ප‍්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)