May 20, 2024

යුක්රේනයේ ඒකපාර්ශ්වික සටන් විරාමයක් 

යුක්රේනයේ නැගෙනහිර ප‍්‍රදේශයේ සිටින රුසියානු හිතවාදී කැරළිකරුවන්ට එරෙහි සටන්වලට විරාමයක් ලබාදීමට යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ තීරණය කර තිබේ. 

එය ඒකපාර්ශ්වික සටන් විරාමයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. 

යුක්රේන රජයේ හමුදා සහ රුසියානු හිතවාදී කැරළිකරුවන් අතර පසුගිය දින කිහිපය තුළ දරුණු ගැටුම් ඇති විය.

පොරෂෙන්කෝ විසින් ඉදිරිපත් කර ඇති සාම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමේ මුල් පියවරක් ලෙස ඔහු එම සටන් විරාමය ප‍්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 June 2014 08:53