May 20, 2024

අවතැන්වූවන් සීඝ්‍රයෙන් ඉහළට 

යුද ගැටුම් හේතුවෙන් අවතැන්වූ සහ වධ බන්ධන හේතුවෙන් පලා ගිය ජනතාවගේ සංඛ්‍යාව ඉකුත් වසරේදී මිලියන 50 ඉක්මවා ගොස් ඇතැයි සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වාර්තාව ඉහලම සංඛ්‍යාව බවත් මිලියන 17 ක් පමණ ජනතාව තම මව්බිමින් පලා ගොස් ඇති අතර මිලියන 33 කට වැඩි සංඛ්‍යාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටින බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රධාන වශයෙන්ම මේ තත්වයට හේතුවී ඇත්තේ සිරියාවේ යුද්ධයත්, ඊට අමතරව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ හට ගත් අර්බුද ඊට බලපා තිබේ. 

අනාථයන්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට වඩා විශාල ලෙස වැඩිවීම මගින්, යුද ගැටුම් අවසන් නොකිරීම හේතුවෙන් දැරීමට සිදුව ඇති අධික වියදම සහ ඒවා අවසන් කිරීමට අපොහොසත් වීම පිලිබඳ සංඥාවක් ලබා දෙන බව සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(බීබීසි සංදේශය)

Rate this item
(0 votes)