May 20, 2024

ලොව කාමුක ම වැසියන් සිටින්නේ බ්‍රසීලයේ 

බ්‍රසීලය අද වනවිට ලොව කාමුක ම වැසියන් ජීවත්වන රට බවට පත් ව  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවිධ රටවල කාන්තාවන් හා පිරිමින්ගේ හැඟීම් හා අදහස් යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් අනතරු ව ඒ බව අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව පිරිමින්ගේ හැඟීම් හා අදහස්වලට අනුව ලොව කාමුක ම කාන්තාවන් සිටින රට බවට බ්‍රසීලය පත් ව ඇති අතර එය කාන්තාවන්ගේ හැඟීම් හා අදහස් සමග සලකා බැලීමේ දී ලොව කාමුක ම පිරිමින් සිටින රට බවට පත් ව ඇත්තේ ඔස්ට්‍රේලියාව ය.

පිරිමින්ට අනුව බැලීමේ දී බ්‍රසීලයට අනතුරු ව පිළිවෙළින් රුසියාව, කොලොම්බියාව, මහා බ්‍රිතාන්‍ය, පිලිපීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, බල්ගේරියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල් ලොව කාමුක ම කාන්තාවන් සිටින රටවල් බවට පත් ව තිබේ.

එය කාන්තාවට අනුව බැලීමේ දී ඔස්ට්‍රේලියාවට පසු ව පිළිවෙළින් ඉතාලිය, එංගලන්තය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, අමෙරිකාව, අයර්ලන්තය, බ්‍රසීලය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල් ලොව කාමුක ම පිරිමින් සිටින රටවල් බවට පත් ව ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 June 2014 15:25