May 20, 2024

MH370 සොයා නව මගකට 

පුද්ගලයන් 239 දෙනෙකු සමග ඉකුත් මාර්තු මස 08 වැනි දා අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීම යළි ආරම්භ වීමෙන් අනතරු ව නව දිශාවකට යොමු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ඉන්දීය සාගරයේ ඈත දකුණු දිග ප‍්‍රදේශය වෙත යොමුවනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු ගවේෂකයින් සඳහන් කර තිබේ.

යානය කඩා වැටුණු බවට සැක කර මෙතෙක් පරීක්ෂා කළ මුහුදු තීරයෙන් එහි සුන්බුන් හමු වී නොමැත.

නව ගවේෂණ කලාපය ඕස්ටේ‍්‍රලියාවේ - පර්ත් නුවර සිට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් පිහිටා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ.

Rate this item
(0 votes)