May 20, 2024

මෝඩිගේ දෙවැනි සංචාරය කල් යයි 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සැලසුම් කර තිබූ ජපාන සංචාරය කල් දමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජූලි මස මැද භාගයේ එම සංචාරයේ යෙදීමට ඔහු සැළසුම් කර තිබුණ ද එය කල් දමා ඇති ඔහු ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැත.

නව ඉන්දීය රජයේ අයවැය එළැඹෙන මස ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එය කල් දමන්නට ඇති බවට වාර්තා වේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සිය ප‍්‍රථම විදෙස් චාරිකාව ලෙස පසුගිය දා භූතානයේ සංචාරයක නිරත විය. 

Rate this item
(0 votes)