May 20, 2024

අතුරුදන් වූ ඉන්දීය ජාතිකයින් සොයා විශේෂ නියෝජිතයෙක් ඉරාකයට 

ඉරාක යුද්ධය හේතුවෙන් අතුරුදන් ව සිටින ඉන්දීය ජාතිකයින් 40 දෙනා පිළිබඳ සෙවීමට ඉන්දීය රජය විසින් විශේෂ නියෝජිතයෙක් ඉරාකයට පිටත් කර යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එම ඉන්දීය ජාතිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් ඉරාක රජය සමග සාකච්ඡා කිරීමට නියමිත ය.

ඉරාකයේ බලය අත්පත් කර ගැනීම සඳහා සුන්නි අන්තවාදීන් සහ එරට හමුදා අතර පවතින ගැටුම් මේ වනවිට උග‍්‍ර වී ඇතැයි වාර්තා වේ.

බැග්ඩෑඩ් නුවරට ආසන්නයේ පිහිටි ඉරාකයේ විශාලත ම තෙල් පිරිපහදු සංකීර්ණය අත්පත් කර ගැනීම සඳහා මේ වනවිට ගැටුම් පවතී.

Rate this item
(0 votes)