May 20, 2024

අමෙරිකානු යුද උපදේශකයින් ඉරාකයට 

සුන්නි මුස්ලිම්වරුන්ගේ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ඉරාක රජයට සහයවීමට අමෙරිකානු යුද උපදේශකයින් 300 දෙනෙක් පමණ එහි යැවීමට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කර තිබේ.

ඉරාක ගැටුම් බිමේ තත්ත්වය අනුව නිශ්චිත ඉලක්ක වෙත හමුදාමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසී ය.

කෙසේ වුව ද ඉරාකයේ ගැටුම් වලට හමුදාමය විසඳුමක් පිළිබඳ පමණක් විශ්වාසය තැබිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේ ය. 

උතුරේ නගර කිහිපයක් අත්පත් කරගෙන බැග්ඩෑඩ් දෙසට ගමන් කරන සුන්නි මුස්ලිම් කැරලිකරුවන්ට එරෙහි ගුවන් ප‍්‍රහාර එල්ල කරන ලෙස ඉරාක රජය අමෙරිකාවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Rate this item
(0 votes)