May 20, 2024

ඉරාකයේ ගැටළුව විසඳීමට ඔබාමා මැදිහත් වෙයි

අමෙරිකාවේ දේශපාලන සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් ඉරාකය සම්බන්ධයෙන් මතු ව ඇති ගැටළුව විසඳීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කරයි.

කොංග‍්‍රස් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමකින් තොර ව ඉරාකයේ පැන නැගී ඇති ගැටුම්කාරි තත්ත්වය සඳහා විසඳුම් ලබාදීමට තමන් තීරණයක් ගන්නා බවට අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මේ වනවිට ඉරාකයේ බලධාරීන් කැරළිකරුවන්ට එරෙහි ව අමෙරිකාවෙන් ගුවන් ප‍්‍රහාර සහය ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය අද (19) දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)