May 20, 2024

කරුණානිධිගෙන් මෝඩිට චෝදනා

තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂයේ නායක එම් කරුණානිධි, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත චෝදනාවක් එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නරේන්ද්‍ර මෝඩි හින්දි භාෂාවට ප‍්‍රමුඛත්වය දෙමින් කටයුතු කරන බවට කරුණානිධි සඳහන් කරයි.

තමිල්නාඩු ප‍්‍රාන්තයේ රජයේ දෙපාර්තමේන්තුවල කටයුතු සඳහා හින්දි භාෂාව යොදාගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජය අනියමින් බලපෑම් කරන බව ඔහු පෙන්වා දේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ තමිල්නාඩුව තුළ හින්දි භාෂාව ප‍්‍රවර්ධනය කිරීමට නොව එහි සංවර්ධන කටයුතුවලට බව එම් කරුණානිධි වැඩිදුරටත් සඳහන් කළේ ය.

හින්දි භාෂාවට ප‍්‍රමුඛත්වය ලබාදීමෙන් දෙමළ භාෂාව කථා කරන පුද්ගලයින් තමිල්නාඩුව තුළ දෙවැනි පන්තියට පත්වන බව ද හෙතෙම  ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)