May 20, 2024

මෝටර් රථයේ දී දරුවා ප්‍රසූත කරයි (ඡායාරූප හා වීඩියෝ සහිතයි) 

එංගලන්තයේ පෝට්ර්මවුත් ප්‍රදේශයේ මවක් මහා මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී දරුවෙක් ප්‍රසූත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

26 හැවිරිදි ටිෆනි එල්මෝර් නමැති ඇය දරුවා ලැබීමට ආසන්න වී රෝහල වෙත මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී එය සිදු වී තිබේ.

මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී දරුවාගේ හිස පිටතට පැමිණි බව තමන්ට දැනුණු බව ඇය සඳහන් කළා ය.

සිය පියා විසින් ඇය ව රෝහල කර රැගෙන ගොස් තිබේ. වහා තමන්ට දැනුණු දේ ඇය සිය පියාට දැනුම් දී ඇති අතර අනතුරු ව ඔහු මෝටර් රථයේ වේගය වැඩි කර ධාවනය කර තිබේ.

එම මෝටර් රථය පැහැරගෙන යමින් සිටින බවට එය නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් සැක කර ඇත. 

ඒ අනුව පොලිස් රථවල නැගී මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් එය බලහත්කාරයෙන් නතර කර තිබේ.

අනතුරු ව දුටු දර්ශනයෙන් තමන් මවිතයට පත් වූ බව එම පොලිස් නිලධාරීහු පවසති.

මෝටර් රථයේ අසුනක් මත මවක් සිය දරුවා ප්‍රසූත කිරීමට උත්සහ කරන ආකාරය ඔවුන්ට දර්ශණය විය.

එසැණින් ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරීන් එම මෝටර් රථය ආවරණය කර අවශ්‍ය සහය ලබා දී ඇත.

දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව ඔවුන් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එම දරුවා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව දරුවාගේ මව සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 June 2014 14:10