May 20, 2024

ඉරාකය අමෙරිකාවේ සහාය පතයි

කැරළිකරුවන්ගේ ක‍්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ඉරාක රජය ඇමරිකාවෙන් සහයෝගය ඉල්ලා තිබේ.

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කැරළිකරුවන්ගේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකරකම්වලට එරෙහි ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා සහයවන ලෙස ඉරාක රජය අමෙරිකාවෙන් නිල ඉල්ලීමක් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉරාකය තුළ දැඩි අස්ථාවර තත්ත්වයක් උද්ගත ව ඇති අතර ඊයේ දිනයේ කැරළිකරුවන් විසින් බැග්ඩෑඩ් නුවර පිහිටි ඉරාකයේ ප‍්‍රධානත ම ඉන්ධන නිෂ්පාදනාගාරය අල්ලා ගෙන තිබේ.

Rate this item
(0 votes)