May 21, 2024

පියා පුතුට රජකම දෙයි

ස්පාඤ්ඤයේ නව රජතුමා ලෙස සිව්වැනි ෆෙලිපේ වෙත සිය පියා වූ ජුආන් කාර්ලෝස් විසින් රජකම නිල වශයෙන් පිළි ගන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් ස්පාඤ්ඤයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතවීමෙන් අනතුරු ව රාජකීය කිරුළ හුවමාරු වූ ප්‍රථම අවස්ථාව එය වේ.

එවකට ස්පාඤ්ඤයේ ඒකාධිපති නායකයෙකු වූ ජෙනරාල් ෆ්‍රැන්කෝගෙන් අනතුරු ව රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුන් පුද්ගලයා ලෙස සැළකෙන සිය රජ කිරුළ අත්හැරි ජුආන් කාර්ලෝස් මෑත කාලයේ දී විවිධ දූෂණ චෝදනා හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත් ව සිටියේ ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ජුරාන් කාර්ලෝස් හිටපු රජු විසින් සිය පුතා වූ ෆෙලිපේ වෙත වෙත රජකම නිල වශයෙන් පිළිගැන්වීම සිදු කළ අතර ඔහු අද (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම්දීමට නියමිතයි.

එම රාජකීය උත්සවය බොහෝ චාම් ලෙස සංවිධානය කර තිබූ අතර ඉකුත් කාලය පුරා ස්පාඤ්ඤයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එවැනි පියවරක් ගැනීමට ඇති බව විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.

පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට කෙරෙන පොරොන්දු සමග සිදුවන කතාවෙන් අනතුරු ව ෆෙලිපේ රජතුමා සහ සිය බිරිඳ වූ ලෙටීසියා රැජින මැඩ්රීඩ් නගරය හරහා ජනතා හරසර මැද ගමන් කිරීමෙන් අනතුරු ව රජ මැදුරේ සඳලු තලයට පැමිණ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.

Rate this item
(0 votes)