May 10, 2024

ලෝක මෝටර් රථ ධාවන ශූර ෂූමාකර් රෝහලෙන් පිටව යයි

පසුගිය වසරේ දෙසැම්බර් 29 වන දා ප‍්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප‍්‍රදේශයේ හිම මත ලිස්සා යාමේදී දරුණු අනතුරකට මුහුණ දුන් ලෝක මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර් රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ (16) ප්‍රකාශයක් නිකුත් කර ඇත. 

45 හැවිරිදි ජර්මානු ජාතික ෂූමාකර්ගේ හිසට හිම අනතුරෙන් දරුණු තුවාල සිදුවීම හේතුවෙන් මාස කිහිපයක් ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සත් වරක් ලෝක මෝටර් රථ ධාවන තරගාවලි ජයග‍්‍රහණය කළ ෂූමාකර්, 2012 වසරේදී වෘත්තීය ධාවන තරඟවලින් ඉවත් වී ඇත.

Rate this item
(0 votes)