May 10, 2024

කාම්බෝජ ශ්‍රමිකයින්ට යන්න කියලා නෑ - තායිලන්ත හමුදා 

කාම්බෝජ ජාතික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ආපසු යැවීමට තමන් කටයුතු නොකරන බව තායිලන්ත හමුදා බලධාරීහු පවසති.

ලක්ෂයකට අධික කාම්බෝජ ශ්‍රමිකයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ තායිලන්තය හැර ගොස් ඇති අතර කාම්බෝජ සංක්‍රමනිකයන්ගෙන් වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ රැකියාවල නිරතව සිටින බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

තායිලන්තයේ නව හමුදා රජය බලපත්‍ර රහිතව රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් අල්ලා ගැනීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙලෙස ඔවුන් තායිලන්තය හැරයාමට පටන්ගෙන තිබේ.

අනෙකුත් විදේශීය ශ්‍රමිකයන් තවමත් විශාල වශයෙන් තායිලන්තය හැර යන බවක් පෙනෙන්නට නොමැති බවත් තායිලන්තය හා කාම්බෝජය අතර පවතින දුර්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙලෙස කාම්බෝජ ජාතිකයන් විශාල ප්‍රමාණයෙන් තායිලන්තය හැරයාමට හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)