May 10, 2024

අන්තවාදී ප්‍රහාරයෙන් කෙන්යාවේ 48 දෙනෙක් මරුට 

කෙන්යාවේ වෙරළාසන්න නිකේතන නගරයකට ඊයේ (15) රාත‍්‍රියේ එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 48 දෙනෙකු මරණයට පත් ව තිබේ.

සංචාරකයන් අතර ජනපි‍්‍රය ලාමු දිවයින ආසන්නයේ පිහිටි මපෙකෙටෝනි නගරයේ හෝටල් සහ පොලිස්  ස්ථානයට එම ප‍්‍රහාරය එල්ල වී ඇත.

පැය කිහිපයක් තිස්සේ පැවැති ප‍්‍රහාරයෙන් අනතුරු ව ගොඩනැගිලි රැසක් ගිනිබත් කර ඇතැයි වාර්තා වේ.

කෙන්යාව යාබද සෝමාලියාවේ අල් - ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි එරට රජයට සහාය දැක්වීම එම ප‍්‍රහාරයට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)