May 10, 2024

MH 370 යානය අතුරුදන් වී අදට දින 100යි

මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අද වනවිට (16) දින 100 ක් ගත වී තිබේ. 

ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටිය දී ඉකුත් මාර්තු මස 08 වැනි දා එම ගුවන් යානය මගීන් 239 දෙනෙක් සමග අතුරුදන් විය. 

අතුරුදන් වූ එම යානය සම්බන්ධයෙන් කිසිදු නිෂ්චිත තොරතුරක් මේවන තනක් අනාවරණ වී නොමැත.

කෙසේ වුව ද එම ගුවන් යානයේ සිට අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීහු තවමත් ඔවුන් ජීවතුන් අතර සිටින බවට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)