May 10, 2024

ලෙනින්ගේ මුත්‍රා කරන ප්‍රතිමාවට ලෝකයේ ම අවධානය(ඡායා රූප සහිතයි)

පෝලන්ත නගරයක්වන Nowa Huta නගරයේ තිබූ විප්ලවීය නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව තරුණ විරෝධතා හමුවේ 1989 වසරේ ඉවත් කිරීමෙන් අනතුරු ව එම නගරයේ ස්ථාපිත කර තිබෙන ඔහුගේ නව ප්‍රතිමාව පිළිබඳ ලෝකයේ ම අවධානයට ලක් වී තිබේ.

ව්ලැඩිමීර් ලෙනින් මුත්‍රා කරමින් සිටින ආකාරය කොළ පැහැයෙන් යුත් එම ප්‍රතිමාවෙන් දැක් වේ.

එම ප්‍රතිමාව නම්කර තිබෙන්නේ “Fountain of the Future“ නමින්වන අතර තවදුරටත් Nowa Huta අඳුරු නගරයක් නොවන බව විදහා දැක්වීම එහි අරමුණ බව වාර්තා වේ.

විප්ලවීය නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ පැරණි පිළිරුව තරුණ කැරළිකරුවන් විනාශ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එය 1989 වසරේ දී ගලවා ඉවත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 June 2014 06:12