May 11, 2024

ජෝර්ජ් බුෂ් 90 දී ත් පැරෂුට් පිම්ම පනී 

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ඊයේ (12) සිය 90 වැනි ජන්ම දිනය සැමරූ අතර හෙතෙම පැරෂුට් පිම්මක් ද සිදු කළ බව වාර්තා වේ.

ඔහු අමෙරිකාවේ මේන් ප‍්‍රදේශයේ දී එම පැරෂුට් පිම්ම සාර්ථක ව සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප‍්‍රථම වරට පැරෂුට් පිම්මක් සිදුකර ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ දී පැසිෆික් සාගරයට ඉහළින් ගුවන් යානයකින් ගමන් කරන විට එල්ල වූ ප‍්‍රහාරයක දී බේරීම සඳහා ය. 

ඊට අමතර ව ඔහු 75 වැනි 80 වැනි සහ 85 වැනි උපන්දින සැමරීම සඳහා ද පැරෂුට් පිම්ම යොදා ගෙන තිබේ.

අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියාවන ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් එරට 41 වැනි ජනාධිපතිවරයා ය. 

1989 සිට 1993 දක්වා කාලයේ දී ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ජනාධිපති ධුරය දැරූවේ ය.

Rate this item
(0 votes)