May 12, 2024

මෝඩි පත්වීමෙන් පසු ඉන්දු - පාකිස්ථානු ප්‍රථම ගැටුම ඇරඹේ

ඉන්දු - පාකිස්ථානු දේශසීමාවේ දී අද (13) පෙරවරුවේ ඉන්දීය හමුදා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජම්මු කාශ්මීර් ප‍්‍රාන්තයේ මෙහෙන්දාර් ප‍්‍රදේශයේ එම වෙඩි තැබීම පාකිස්ථානු හමුදා ඛාණ්ඩයක් සිදුකර ඇති බවට වාර්තා වේ.

පෙරවරු 07.00 ට පමණ ආරම්භ වූ එම වෙඩි තැබීම සඳහා මෝටාර් සහ ෂෙල් වෙඩි ද යොදා ගෙන තිබේ.

පාකිස්ථානයේ හමුදා දේශසීමාවේ සාමය උල්ලංඝණයවන පරිදි එම වෙඩි තැබීම සිදු කර ඇති බව ජම්මු කාශ්මීර් ප‍්‍රධාන අමාත්‍ය ඔමාර් අබ්දුල්ලා ප්‍රකාශ කරයි. ඊට ඉන්දීය දේශසීමා හමුදාව ප‍්‍රතිචාර දක්වා තිබේ.

නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරු ව ඉන්දු - පාකිස්ථානු දේශසීමාවේ සිදු වූ ප්‍රථම ගැටුම්කාරි සිද්ධිය එය වේ.

Rate this item
(0 votes)