May 11, 2024

පාපන්දු විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ‍්‍රසීලයේ සා ඕ පෝලෝ නුවර දී ඊයේ (12) ආරම්භ වූ අතර සමාරම්භක තරගයට පෙර පිටියෙන් පිටත කලබලකාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය බ‍්‍රසීලයේ පැවැත්වීමට එරෙහි විරෝධතාකරුවන් එහි රොක් වූ අතර ඔවුන් මැඩලීමට බ‍්‍රසීල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කළ බව වාර්තා වේ.

බ‍්‍රසීලය පාපන්දු ලෝක කුසලානය සඳහා අනවශ්‍ය වැයක් සිදුකර ඇති බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

Rate this item
(0 votes)