April 27, 2024

ඔබාමා නිසා තමන්ව පාලනය කරගත නොහැකි වූ තරුණියක් (වීඩියෝ සහිතයි)

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමග පසුගිය වසරේ දී නර්තන තරඟයකට සහභාගී වීමට ආරාධනාවක් කළ බාස්කට් බොල් ක්‍රීඩිකාවක් පසුගිය දා ඔබාමා ජනාධිපතිවරයා හමුවූ ආකාරය කාගෙත් හාස්‍යයට ලක්විය.

අදාල ක්‍රීඩිකාව නියෝජනය කරන බාස්කට් බෝල් කණ්ඩායම අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා සමග ධවල මන්දිරයේ පැවති සුහද හමුවක් අවසානයේ දී සමූහ ඡායා රූපයකට පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සෑම ක්‍රීඩිකාවකටම අතට අත දී සුබ පැතුම් එක්කරමින් සිටිය දී  අදාල ක්‍රීඩිකාව තමන් සිටි මදක් උස ස්ථානයෙන් බිමට පැන කාගෙත් අවධානය දිනාගනිමන් මීට ඉහතදී අමෙරිකානු ජනාධිපතිවරයාට කළ නර්තන ආරාධනය මතක් කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී ඔබාමා ජනාධිපතිවරයා ඇය සමීපයට ගොස් ඇය වැලඳ ගනිමින් ඊට සුහදව ප්‍රතිචාර දක්වා ඇත.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 13 June 2014 11:49