April 27, 2024

එක කාන්තාවක් සමඟ මුළු පොලිසියම රති කෙළියේ..

ඉන්දියාවේ පොලිසියක් වෙත ගිය කාන්තාවක් එම පොලිස් ස්ථානය තුළදීම සමූහ දූෂණයකට ලක් වීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය තුළින් අනාවරණය වී තිබේ.

සිය සැමියා පොලිස් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පොලිස් ස්ථානයට ගිය කාන්තාවක් මෙලෙස සමූහ දූෂණයට ලක්වී ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට එම පොලිස් ස්ථානයේම නිලධාරීන් විසින් ඇයව සමූහ දූෂණයට ලක් කර තිබේ.

එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාද මෙම දූෂණයට සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් කරුණු අනාවරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.

මෙලෙස දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියා පසුගිය ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව නිත්‍යානුකූල නොවන ගිනිඅවියක් තිබූ බවට මාධ්‍ය කරුණු වාර්තා කරයි.

ඉන්දියාව තුළ මීට ඉහතදීත් කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක් වීමේ සිදුවීම් රැසක් වාර්තා විය.

 

Rate this item
(3 votes)