දකුණු සුඩානයේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැරළිකරුවන් සහ එරට ජනාධිපතිවරයා එකඟත්වයකට පැමිණ ඇතැයි වාර්තා වේ.
දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් සහ කැරළි නායක මැකාර් අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරු ව ඔවුන් එම එකඟතාවයට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ සමගින් දකුණු සුඩානයේ මාස 06 ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.