May 12, 2024

කරච්චි ගුවන් ගමන් අරඹයි

පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ගුවන් තොටුපළට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දමා තිබූ ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් 10 වැනිදා සිට යළි ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජින්නා ගුවන් තොටුපළට පසුගිය දා තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රහාර එල්ලකළ අතර ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස 30 දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙම මියගිය පිරිස අතර තලේබාන් සටන්කාමීන් 10 දෙනෙකු ද සිටී.

මේ වනවිට ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරෙන බව ද විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)