April 27, 2024

සුමිත‍්‍රා මහාජාන් නිතරගයෙන් කථානායක ධුරයට 

ඉන්දීය ලෝක් සභාවේ නව කථානායකවරිය ලෙස භාරතීය ජනතා පක්ෂයේ ඉහළ පෙළේ නායිකාවක්වන සුමිත‍්‍රා මහාජාන් නිතරගයෙන් තේරී පත් ව ඇතැයි වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඊයේ (06) පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී සුමිත‍්‍රා මහාජාන්ගේ නම යෝජනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙවැනි කථානායිකාවවන සුමිත‍්‍රා මහාජාන් අවස්ථා 08ක දී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ලෝක් සභාවට තේරී පත් වී ඇත.

කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබල දේශපාලනඥවරියක්වන මීරා කුමාර් පසුගිය කොංග‍්‍රස් රජය යටතේ ද කථානායක ධුරය හෙබවී ය.

Rate this item
(0 votes)