April 26, 2024

පියා සිය දියණියට වෙඩි තබයි (විඩියෝ සහිතයි)

තමන් ආදරය කළ තරුණයා දෙමව්පියන්ගේ අකමැත්ත මත විවාහ කරගත් පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ 18 හැවිරිදි දියණියට පියා වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සබා මස්කූඩ් නමැති එම තරුණිය මුහම්මද් කයිසර් නමැති අසල්වැසි තරුණයෙකු සමග මීට දින 06 කට පෙර විවාහ වී ඇත. ඒ හේතුවෙන් ඇගේ පියා, සොහොයුරා, මාමා සහ නැන්දණිය එක් ව ඇයට පහර දී වෙඩි තබා ඇත.

ඇයගේ කම්මුලට සහ දකුණු අතට වෙඩි වැදීමෙන් අනතුරු ව ඇය සිහිසුන් ව ඇත. අනතුරු ව පහර දුන් පිරිස ඇය මරණයට පත් වූවා යැයි සිතා ඇය ගෝනියක දමා අසල තිබූ ඇළකට විසි කර තිබේ.

එහෙත් ඇය මේ වනවිට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධය වාර්තා කරයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 07 June 2014 09:37