April 26, 2024

වෙඩි පහරින් පොලිස් නිධාරීන් තිදෙනෙක් මරුට 

කැනඩාවේ - මොන්ටෝන් නගරයේ දී පුද්ගලයෙක් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද පෙරවරුවේ සිදු වී ඇති එම වෙඩි තැබීම සිදු කළ 24 හැවිරිදි සැකකරු පළා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මොන්ටෝන් නගරය ආශ‍්‍රිත ව සහ සෙසු ප‍්‍රදේශවල විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)