April 26, 2024

පේලේගේ පුතු හිරේට

බ්‍රසීලයේ සුපිරිත ම පාපන්දු ක්‍රීඩක පේලේගේ පුත්‍රයාට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහ විනිමය වංචා සඳහා වරදකරුවීම සම්බන්ධයෙන් වසර 33 ක සිරදඬුවමක් නියම වී ඇත.

90 දශකයේ දී පේලේට අයත් සැන්ටෝස් ක්‍රීඩා සමාජයේ දැළ රකින්නා ලෙස පේලේ ක්‍රීඩා කර විශ්‍රාම ගෙන සිටී.

පේලේගේ පුත්‍රයාවන එඩින්හෝ 2005 වසරේ දී ප්‍රථමයෙන් මත් ද්‍රව්‍ය වරදකට අත්අඩංගුවට පත් ව තිබේ.

ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ සැන්ටෝස් නගරයේ දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම යන චෝදනාවට ලක් ව සිර දඬුවම් විඳ ඇත.

තමා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව පිළිගත්ත ද ඒවා ප්‍රවාහනය කළ බවට ඔහුට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එඩ්සන් චොල්බි ඔහුගේ සැබෑ නම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)