May 12, 2024

කුඩා දැරිය 38 දෙනෙක් දූෂණය කරයි

මලයාසියාවේ 15 හැවිරිදි දැරියක් පුද්ගලයින් 38 දෙනෙකු විසින්  දුෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයින් 38 දෙනා පැයක් තුළ දී එම දැරිය දුෂණය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. 

දේශීය මත්ද්‍රව්‍ය පානය කිරීමට යැයි පවසමින් එම දැරියගේ මිතුරියක් මලයාසියාවේ ක්ලෙන්ටන්හි අතහැර දමන ලද නිවසකට ඇය කැඳවාගෙන ගොස් තිබේ.

එම අත්හැර දමන ලද නිවසේ දී එම දැරිය දුෂණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙක් සහ ඇය කැඳවාගෙන ගිය 17 හැවිරිදි සිය යෙහෙලිය ද පොලිස් අත්අඩංගුවට පත් ව ඇති අතර සෙසු පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

17 හැවිරිදි සිය යෙහෙළිය ද දුෂණය වී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය කියයි.

Rate this item
(1 Vote)