May 13, 2024

හිටපු අගමැති ගිලානි අත්අඩංගුවට ගැනීමට වරේන්තු

පාකිස්තානයේ හිටපු අගමැති යූසුෆ් රාසා ගිලානි (Yousuf Raza Gilani) සහ හිටපු වාණිජ කටයුතු අමාත්‍යවරයා මක්දූම් අමීන් ෆහීම් (Makhdoom Amin Fahim) අත්අඩංගුවට ගැනීමට කරච්චි නුවර දූෂණ මර්දන අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

වසර 2008 වසරේ සිට 2012 වසර දක්වා පාකිස්තානයේ අගමැති ධුරය හෙබ වූ ගිලානි සිය සගයන් මෙහෙය වූ ව්‍යාජ සමාගම්වලට රජයේ කොන්ත‍්‍රාත්තු ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇත. 

අදාළ චෝදනා ඔප්පු වුවහොත් ඔහුන්ට වසර 07ක සිර දඩුවම් නියම කළ හැකි බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි.

Rate this item
(0 votes)