තරුණියන් දෙදෙනකු දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.කල්ලියක් විසින් දූෂණය කොට මරා දැමුණ තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු අඹ ගසක එල්ලා තිබුණ බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.අඹ ගසෙහි එල්ල තිබුණ මළසිරුරු සොයා ගනු ලැබ තිබෙන්නේ ගම්වාසීන් විසිනි.ඥාති සහෝදරියන් වන තරුණියන් දෙදෙනා දූෂණය කොට මරා ගසෙහි එල්ලීම සම්බන්ධයෙන් සැක කෙරෙන සාපරාධී කල්ලියේ සාමාජිකයෙක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.අපරාධකරුවන්ට ගොදුරු වූ තරුණියන් දෙදෙනා ඉන්දීය සමාජයේ කුල වර්ග කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී ඇත.ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉහත කී අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහ කළ බවයි.