May 13, 2024

අමෙරිකානු වෛද්‍යවරයෙකුට පාකිස්තානයේ දී වෙඩි

පාකිස්තානයේ දී අමෙරිකානු වෛද්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පන්ජාබයේ රබ්වා නගරයේ සුසාන භූමියකට ගොස් එන අතරතුර ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු බව වාර්තා වේ. 

මීට දින කිහිපයකට පෙර පාකිස්තානයට පැමිණි එම අමෙරිකානු වෛද්‍යවරයා හදවත් රෝගීන්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාදීමේ සායන කිහිපයකට සහභාගී වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 May 2014 15:34