April 26, 2024

දින 674 ක් මධුසමය ගත කරයි

සිය මධුසමය දින 674 ක් පුරා පා පැදියක ගමන් කරමින් ලොව වටා සංචාරය කිරීමට තීරණය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළක් සාර්ථක ගමනකින් අනතුරු ව නැවත සිය උපන් භූමියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැට් සහ ස්ටීව් ටර්නර් යන එම යුවළ සැතපුම් 20,000 ක් පමණ පා පැදියෙන් ගමන් කර ඇති බවත් එය එවරස්ට් කන්ද 28 වරක් නැග්ගා හා සමාන බවත් වාර්තා වේ.

කැට් ගුරුවරියක් ලෙස සේවය කරන අතර ස්ටීව් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සේවකයෙක් ලෙස කටයුතු කරන අතර ඔවුන් 2011 වසරේ අගෝස්තු මාසයේ දී විවාහයට පත් ව ඇත.

ප්‍රැක්ටිකල් ඇක්ෂන් යන සංවිධානයේ අරමුදලක් වෙනුවෙන් එය සංවිධාන කළ අතර 2012 වසරේ අප්‍රේල් මස පමණ ඔවුන් එම ගමන ආරම්භ කර තිබේ.

ඔවුන් දෙදෙනා ගුවන් මගින් නවසීලන්තයට පැමිණ නවසීලන්තයෙන් එම ගමන ආරම්භ කර තිබේ.

එලෙස නවසීලන්තයෙන් ආරම්භ කර ඔස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, කාම්බෝජියාව, වියට්නාමය, චීනය, කිර්ගිස්ථානය, කසක්ථානය, උස්බෙකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය, තුර්කිය, ග්‍රීසිය, ඉතාලිය,  සහ ප්‍රංශය පසු කර බ්‍රිතාන්‍යට පැමිණ තිබේ.

Rate this item
(0 votes)