April 26, 2024

ඉන්දියාවේ ඡන්දෙ ඉවරයි

උත්තර් ප‍්‍රදේශ්, බිහාර් සහ බටහිර බෙංගාල යන ප‍්‍රාන්තවල අද දිනයේ දී ඡන්දය පැවැත්වීමට නියමිත අතර   ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත් වේ.

අදියර 09 කින් යුත් ඉන්දීය මහ මැතිවරණය පසුගිය අපේ‍්‍රල් 07 වැනි දා ආරම්භ විය.

උතුරු ඉන්දීය ප‍්‍රාන්තවල ඡන්ද දායකයන් එම මැතිවරණයේ අවසන් අදියරයේ දී ඡන්දය ප‍්‍රකාශ කරයි.

ඡන්ද ගණන් කිරීම මැයි 16 වැනි දා සිදු කෙරෙන අතර ප‍්‍රතිඵල එදින ම නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)