May 18, 2024

අතුරුදන් යානය මාස දෙක සපුරයි

තවමත් අභිරහසක් ව පවතින මැලේසියානු MH370 යානය අතුරුදන් වී ඊයේ දිනය වනවිට මාස 02 ක් සම්පූර්ණ වී ඇත.

මේ වනවිටත් එම යානය සෙවීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතී.

එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටුණු බවට වූ සැකයක් හේතුවෙන් එහි සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඉන් පළක් නොවී ය.

යානයේ සුන්බුන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ දී දක්නට ලැබූ බව ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් සඳහන් කර තිබේ.

කෙසේ වුව ද එම යානය හෝ එහි සිටි මගීන් 239 දෙනා පිළිබඳ මෙතෙක් කිසිදු නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)